පෙර පාසල් පුස්තකාල හැදින්වීම





රටක  ජාතික සංවර්ධන සඳහා ප‍්‍රධානතම බලපාන සාධකය වන්නේ මානව සම්පත්යි. එම රටේ හෝ ජාතියේ සංවර්ධනය සඳහා මානව සම්පත  දැනුමෙන් කුසලතාවයෙන් ආකල්පයන්ගෙන් වර්ධනය වී තිබිය යුතුය. මෙසේ දැනුම්න් ආකල්පවලින් වර්ධනය වීම  සඳහා එ් එ් පුද්ගලයන්ට අධ්‍යාපනය   අත්‍යවශ්‍ය වෙයි.
                              
         අධ්‍යාපනයේ  මුලික හසුරු කුසලතා ඇති කරන   ස්ථානයක් ලෙස     පෙර පාසල හැඳින්විය  හැක.  මුලින්ම කියවීමේ මූලික කරුණු ,    හසුරු කුසලතා ඇති කරන්නේ පෙරපාසල තුළිනි.  පෙර  පාසලක්   තුළ ද  පුස්තකාලයක් පවත්වාගෙන යනු ලබන්නේ..... එම වයස් කාණ්ඩයට අයත් , එම   වයස් මට්ටමට සුදුසු වන පරිදි    දැනුම් තොරතුරු මාධ්‍යයන්  උචිතවන සාහිත්‍ය රසාස්වාද,  අම්මාගේ තාත්තාගේ ආදරය, ළමයා  පරිසරයට දක්වන ආදරය න් වැනි  ළමා ලෝකයේ විචිත‍්‍රවත් කරමින් ළමා මනසට උචිත වන  ළමයා තුළ සාහිත්‍යය රසාස්වාදය ඇතිකිරීමේ අරමුණ ඇතිව  පෙර පාසල් පුස්තකාලයක් පවත්වාගෙන යනුු ලබයි.



Comments