විශ්ව විද්‍යාල පුස්තකාල හැඳින්වීම


විශ්ව විද්‍යාල පුස්තකාල

                             ඉගෙනුමට අදාල  අධ්‍යන පුස්තකාල ගත් කළ පාසල්  පුස්තකාලය ඉන් එකකි.පාසල් පුස්තකාලවල අධ්‍යයනය  කටයුතු සාර්ථකව සිදුකර ගෙන යාම සඳහා පාසල් පුස්තකාලය ස්ථාපිත කර ඇති සේම , එම පුස්තකාලවලින් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට සපයන දායකත්වයට වඩා ඵලදායි , සාර්ථක වූත් දායකත්වයක් සපයනු ලබන්නේ විශ්වවිද්‍යාල පුස්තකාල මගිනි

එහි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් නොව ආචාර්ය මණ්ඩලයට ද අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මෙන්ම සේවක මණ්ඩලයට ද විශ්වවිද්‍යාල පුස්තකාලය පරිහරණය කිරීමට අවස්ථාව ලබා දේ එනම් විශ්වවිද්‍යාලය තුළ  පමණක් සිටින සියලූම ප‍්‍ර‍්‍රජාවට එම පුස්තකාලය භාවිතා කිරීමට අවස්තාව ලබාදේ මෙම සියලූම පාඨක ප‍්‍රජාවට අධ්‍යයන  කටයුතු වඩාත් හොඳින් සිදු කරගෙන යාම සඳහා දැනුම  හා තොරතුරු සම්පාදනය කරදීම විශ්වවිද්‍යාල  පුස්තකාලයක  කාර්යභාරය වේ.   

  • පුස්තකාලය මගින් සම්මන්ත‍්‍රණ පැවැත්වීම
  • පර්යේෂණ එ්කකයක් සැකසීම
  • ප‍්‍රජාවගේ දැනුම  වර්ධනය කිරීමට පර්යේෂණ නිබන්ධන මිලදී ගැනීම
  • විවිධ  ප‍්‍රදර්ශන පැවැත්වීම
  • සමාජ කතිකාවක් ඇති කිරීම
  • සාහිත්‍ය දියුණු කරන වැඩසටහන් සැකසීම
  • ඉලෙක්ට්‍රොනික් මෙවලම් භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීමට සහාය වීම 

  ආදී පුස්තකාල කාර්යයන් සිදුකල හැක.

එමෙන්ම විශ්ව විද්‍යාල පාඨකයන්ට සහය දීමක් වශයෙන් දත්ත පද්ධති භාවිතාා කිරීමට අවස්ථාව ලබා දීමත් මෙමගින් අධ්‍යයන කටයුතු වඩාත් හොඳින් සිදු කරගෙන යාමටත් අවස්ථා සම්පාදනයය කර දීය හැකිය. උදාහරණයක් ලෙස american මධ්‍යස්ථානය ගත හැක.එහි පුස්තකාලයක් පවත්වාගෙන යනු ලබයි. එම පුස්තකාලය ඇමරිකාවේ සෑම පුස්තකාලයක් සමඟම දත්ත පද්ධතියක් ගොඩනගා ගනිමින් ඇමෙරිකාව තුළ ඉතා උසස් අන්දමින් අධ්‍යයන කටයුතු  සාර්ථක සිදුකරගෙන යාමක් දක්නට ලැබේ.

           විශ්ව විද්‍යාලයක අධ්‍යාපනයය  කටයුතු  සාර්ථකව කරගෙන යාමට නම් මෙලෙස දත්ත  පද්ධති වලට  සම්බන්ධ වීම්ක් සෑම  විශ්ව විශ්වවිද්‍යාල පුස්තකාලයකම  තිබිය යුතුය.

දත්ත  පද්ධතියක් මගින් අතිවිශාල නව දැනුම් තොරතුරු වලට මෙන්ම අති විශාල තොරතුරු සමුදායක් සමග වේගවත්  තොරතුරු  සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකිවේ.මෙලෙස දත්ත පද්ධති සමග විශ්වවිද්‍යාල අධ්‍යයන  කටයුතු සාර්ථක කර ගැනීමට මහඟු පිටුවහල්ක් වේ .එසේ නම් පුස්තකාලය විසින් එම දත්ත  පද්ධති වලට යොමුවී දැනුම ලබා ලබාගැනීමට විශ්වවිද්‍යාල පාඨක ප‍්‍රජාවට අවස්ථාව සම්පත්, සම්පාදනය කර දිය යුතුය.

මෙම දත්ත පද්ධති භාවිතා කර


  • විශේෂ සඟරාවලට ප‍්‍රවේශවීමට
  • පුස්තකාල තොරතුරු වලට යාමට
  • තමන්ට අවශ්‍ය ebook ලබා ගැනීීමට
  • අත්‍යඅවශ්‍ය  pdf   ලබා ගැනීීමට
  • presentation ලබාගගැනීමට
  • තමාට අවශ්‍ය පොත්පත් ක්ෂණිකව ලබා ගැනීමට

                                                                                           ආදී  අති විශාල සේවාවන් මෙම දත්ත පද්ධති මිලදී ගැනීමෙන් පුස්තකාල සේවාවන් රැුසක් සිදුකර ගත හැක. මෙවැනි දත්ත පද්ධතියක් සෑම විශ්ව විද්‍යාලයක්ම මිළදී ගත යුතුය.

                                             එසේ නොවන්නේ නම් නව  දැනුම් තොරතුරු සමග සම්බන්ධවී අධ්‍යයනය කටයුතු සිදුකරගෙන යාමට  නොහැකි වෙනු ඇත. මෙම දත්ත පද්ධති  භාවිත කිරීමේ තවත් වැදගත් කරුණක් නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලබාගන්නා දැනුමෙන් තම  වෘත්තිය ජීවිතය  සාර්ථක කරගෙන යෑමේ දී පවා (උසස්  තනතුරු වලට පත් වීමේදී ) තමාන් උසස් අන්දමින් අධ්‍යයනය කටයුතු සිදුකරගෙන ගිය බව සනාථ කිරීමට මෙවැනි අන්තර්ජාල  journal  දත්ත  පද්ධති තුළ තමන්ගේ පර්යේෂණ නිබන්ධන ප‍්‍රකාශයට පත් කළ යුතුයවෙ. එහිදී විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වෘතීය  සංවර්ධනයට පවා මෙම දත්ත පද්ධති භාවිත කර තිබීම ඉතාමත් වැදගත්වේ. එ් අනුව විශ්ව විද්‍යාල තුළ පාඨකයන්ට දත්ත පද්ධතීන්ට යාමට අවස්ථාව පුස්තකාලය මගින් සලසා දිය යුතුය.

 එම දත්ත පද්ධති අතර RESEARCH GATE දත්ත පද්ධතිය ඉන් එකකි.එමෙන්ම  විශ්ව විද්‍යාලවල, එම විශ්වවිද්‍යාලයේ

  • විද්‍යාප පීඨ 
  • කලා පීඨ
  • අධ්‍යාපන පීඨ
  • සෞන්දර්ය පීඨය

                                                ආදී නොයෙකුත් පිහහිටවල වෙන් වෙන් වශයෙන් අධ්‍යයනය ආයතන පිහිටුවා ඇත.  එම ආයතන අතර විද්‍යාපීඨයේ   ‘‘රසායනික පර්යේෂණ  ආයතනය‘‘ පිහිටුවා තිබීමත්  අධ්‍යාපන පීඨය තුල පුස්තකාල  හා විඥාපන විද්‍යා ආයතනය යන ආයතනය ද පිහිටුවා ඇත.  එම   පීඨවලට අදාළව පවතින ආයතනයන්හි ද  එම ආයතනයට පමණක් සුවිශේෂී වූ දැනුම් තොරතුරු අන්තර්ගත කර ඇති පුස්ථකාල ද පවත්වාගෙන යනු ලබයි.

Comments