විශ්ව විද්‍යාල පුස්තකාල අරමුණු


අරමුණු
1. ඌව පළාතතේ් පුස්තකාල හා තොරතුරු සේවා  සම්බන්ධීකරණය හා සංවර්ධනය කිරීම.
2. පොත්පත් හා ලේඛන සංරක්ෂණය කිරීම.
3. ලේඛන සේවා සංවිධානය කිරීම හා පළාතේ ලේඛන කලාව හා ග‍්‍රන්ථකරණය සම්බන්ධව උනන්දුවක් දක්වන ලේඛකයින්ගේ ග‍්‍රන්ථ ප‍්‍රකාශන කටයුතුවලට සහාය වීම.
4. කියවීම් ද්‍රව්‍ය  උපකරණ සුලභ කිරීම හා ප‍්‍රධානනය. ප‍්‍රදර්ශන/ සම්මන්ත‍්‍රණ  හා ව්‍යාපෘති කටයුතු පවත්වාගෙන යාම.
  • සාහිත්‍යය පිළිබඳ සම්මන්ත‍්‍රණ, කියවීම පිළිබඳ සම්මන්ත‍්‍රණ, මිනිසුන්ට තිබෙන ගැටළු පිළිබද සම්මන්ත‍්‍රණ, විවිධ ප‍්‍රදර්ශන, චිත‍්‍ර ප‍්‍රදර්ශන, විවිධ ආකාරයෙන් තොරතුරු සම්පාදනය කිරීමට මෙම ආයතන බැඳී සිටී 


5. අධ්‍යාපනික හා අවබෝධාත්මකව වැඩසටහන් පවත්වාගෙන යාම
  • පාසැල් පුස්තකාල සමග එහි දියුණුවට කටයුතු කරන්නේ කෙසේද යන්න, පාසල්වල  අධ්‍යාපන කටයුතුවලට උදව් කරන්නේ කෙසේද යන්න, පාසල් පුස්තකාල  කාර්ය මණ්ඩලයට ලබාදිය යුතුව පුහුණුවීම්  පිළිබඳව කටයුතු කිරීම හා සොයා බැලීම් , කියවීම් ප‍්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම ,පාසලේ  යෞවනයාගේ  ඇති ගැටලූ පිළිබඳ  සාකච්ඡුා කිරීම.


6. පලාත්  පුස්තකාලවල පුස්තකාලයාධිපතින් හා පුස්තකාල කාර්ය මණ්ඩලය බදවාගැනීමේ, උසස් කිරීමේ පටිපාටි සකස් කිරිම සහ විභාග හා පරීක්ෂණ පැවැත්වීම.

7. පුස්තකාල  සංවර්ධන අරමුදල පිහිටුවීම හා එකී කටයුතු පවත්වාගෙන යාම.
  • පුස්තකාල සංවර්ධන අරමුදල  පවත්වාගෙන යනු ලබන්නේ පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති තුමාගේ වැටුප් ගෙවීම  සඳහාත්  පුස්තකාලයේ විවිධාකාර සංවර්ධන කටයුතු සහ  පුස්තකාලය වැඩසටහන් ක‍්‍රියාත්මක කරගෙන යාමට, මෙම අරමුදල පවත්වාගෙන යනු ලබයි.


8. පළාත තුළ සියලූම ආකාරයේ  (පෞද්ගලික නොවන*  පුස්තකාල සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලූම  සම්බන්ධීකරණ කාර්යන් සඳහා අවශ්‍ය විධිවිධාන පැනවීම.
  • පෙර පාසල් පුස්තකාල, පාසල් පුස්තකාල,පිරිවෙන් පුස්තකාල, මේ ආකාරයෙන් වූ පළාත තුළ ඇති සියලූම පුස්තකාලවල කාර්ය මණ්ඩලයන්  කුමන ආකාරයෙන් පුහුණුවීම්  කටයුතු කළ යුතු ද යන්නත්  මෙම පුස්තකාල පවත්වාගෙන යන්්නේ කෙසේද යන්නත් උපදෙස් ලබාදීම හා එහි ඇති ගුණාත්මකභාවය පිළිබඳව අදාළ ආයතන දැනුවත් කිරීම , වාර්තා සැපයීම.


9. පුස්තකාල සඳහා අවශ්‍ය පොත්පත්, උපකරණ සැපයීම හා මේ සඳහා අවශ්‍ය විධිමත් සැලසුම් සැකසීම හා නියම කිරීම.

10. ජාතික හා අන්තර්ජාතිකජාතික දැනුම හා තොරතුරු තාක්ෂණයේ ප‍්‍රවණතාවයන් හා බද්ධ වෙමින් ඌව පළාත තුළ තොරතුරු තාක්ෂණය හා දැනුම ප‍්‍රවර්ධනයය කිරීම.
  • පුස්තකාල අතර අන්තර්ජාලය සමඟ  එ්කාබද්ධ වෙමින් එහි පවතින තොරතුරු හුවමාරු කර කරගැනීම හා එ් එ් පුස්තකාලවල කාර්යයන් පිළිබඳව දැනුවත් වීම් සිදුකර ගැනීම.


11. මූලික පරමාර්ථයන්ට හා  ක‍්‍රියාකාරකම් වලට අනුකූල වන්නා වූ කාර්යයන්ට පත්වාගෙන යාමට අවශ්‍ය වෙනත් විවිධ ක‍්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ අතුරු ව්‍යවස්ථා සහ අදාළ අනෙකුත් ව්‍යවස්ථා නීතිරීති  සම්පාදනය කිරීමටත් නියෝග සැකසීම 
  • පුස්තකාල කටයුතු ක‍්‍රමවත්ව සිදු කිරීම සඳහා   එ්  අවස්ථාවන්ට අදාල සුදුසු ව්‍යවස්ථා සම්පාදනය කරගැනීම, මීට අමතරව පුස්තකාල  දියුණු කිරීම සඳහා පළාත් පාලන ආයතනවල ද කුඩා එ්කකයක් පිහිට්ුවා ගත හැකිය.  උදාහරණයක් වශයෙන් ඌව පළාත්් සභාව තුළ ඌව පළාත්   පුස්තකාලවල  සියලූම කාර්යයන් පිළිබඳව තීරණ ගැනීම සඳහා ප‍්‍රාදේශීය ලේකම්, ප‍්‍රාදේශීය සභාපති, කලාප අධ්‍යක්ෂක. පාසල් පුස්තකාලයාදිපති, නගරසභා පුස්තකාලයාධිපති  යන පිරිසකගේ එකතුවකින් සිදුවෙයි. මේ ආකාරයෙන් කමිටුවක් පත්කර ගනිමින් ප‍්‍රදේශයේ පුස්තකාල පවත්වාගෙන යන්නේ කෙසේද යන්න තීන්දු තීරණ ගැනීම්ට කමිටුවක් පත්කර ගනී


Comments