පාසල් පුස්තකාල හැඳින්වීම
ශ්‍රී ලංකාව තුළ පාසල් ආරම්භ කොට පවත්වාගෙන යාමේ එ්කාකාරී පරිපාලන ක්‍රමයක් දක්නට නොමැත. ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් ආකාරයක් ගනී .
එ්ක් ප්‍රදේශයක පාසල් වර්ග කිහිපයක් ද දක්නට ලැබේ. මෙසේ අක්‍රමවත්ව පිහිටුවා පවත්වාගෙන යන පාසල් ශ්‍රේණි වශයෙන් වෙන් කොට දක්වා ඇත.මේ ආකාරයෙන් වෙන් කොට දක්වා ඇති පාසල්වල පරිපාලනයද එ් එ් පාසල් වලට අනුව වෙන්ස් ස්වභාවයක් ගනී. පරිපාලනයද වෙනස් ස්වභාවයක් ගන්නා අතර එ් පාසල් වල ඉගෙනුම් හා ඉගැන්වීම් ක්රියාවලියද පාසල් ශ්‍රේණිගත කිරීම් අනුව වෙනස් වේ.
1. 1 - ශ්‍රේණියේ සිට 5 -ශ්‍රේණිය දක්වා (GRADE 3) - ප්‍රාථමික විද්‍යාල - ප්‍රාථමික විෂය මාලාවක් උගන්වයි
2. 1 - ශ්‍රේණියේ සිට 8/9/11 ශ්‍රේණිය දක්වා ( GRADE 2) - කණිෂ්ඨ විද්‍යාල (ප්‍රාථමික හා ද්විතීක විෂය මාලාවක්)
3. 1 -ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ( 1C ) - මහා විද්‍යාල ( ප්‍රාථමික හා ද්විතීක විෂය මාලාවක්)
සැබැවින්ම පාසලක් යනු
සිසුවාට විධිමත් හා නොවිධිමත් අධ්‍යාපනය ලබාදී, එම සිසුවා තුළ ප්රජානන ක්ෂේත්‍රයත්, මනෝචාලක කේෂ්ත්රයත් ආවේදන ක්ෂේත්‍රයත් වර්ධනය වන දැනුමෙන් කුසලතාවයන්ගෙන් ආකල්ප වලින් පරිපූර්ණ වූ මානව හිතවාදී පුද්ගලයෙකු දැයට දායාද කරන ස්ථානයකි.
මෙම කාර්යය සිදු කිරීම සඳහාත් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර කරගැනීම සඳහා ත් පුස්තකාලයෙන් ද ලබා දෙන්නේ මහඟු සේවයකි.
පුස්තකාල යන සංකල්පය අතීතයේ පටන් භාවිතා වූයේ පාසල් ප්‍රජාවට පොත් බැහැර දීමත් ලබාගගැනීමත් යන කාර්යයක් පමණි. නමුත් ඉගනුම් ක්‍රම වේදයන්ගේ ක්රමික දියුණුවීමත් සමග පුස්තකාලයේ කාර්යයන් හා ක්‍රියාවලියේද සුවිශේෂී වෙනසක් සිදුවී ඇත. මේ හේතුවෙන් සාම්ප්‍රදායිකව පැවැති පුස්තකාල යන සංකල්පය වෙනුවට ඉගෙනුම් ඉගැන්වීම් සිදුකරන ”ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක්” බවට වර්ත්මාන පුස්තකාලය පරිවර්තනය වී ඇත.
එ් අනුව සලකා බලන කල ශ්‍රී ලංකාවේ පාසල් විවිධාකාර වර්ගීකරණයක් ගත්තද ,එයටම සුවිශේෂී වූ ගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා දායකත්වය සපයන ඉගෙගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ද පාසල් වර්ග අනුව ඇත.
1 - ශ්‍රේණියේ සිට 5 -ශ්‍රේණිය දක්වා (GRADE 3) - ප්‍රාථමික විද්‍යාලවල ප්‍රාථමික විෂය මාලාවක් ඇති හෙයින් එහි වූ පුස්තකාල කියවීම් ශාලාවක් ලෙස පවත්වාගෙන යනු ලබයි.
එමෙන්ම 1 - ශ්‍රේණියේ සිට 8/9/11 ශ්‍රේණිය දක්වා (GRADE 2) - කණිෂ්ඨ විද්‍යාලවල ප්‍රාථමික හා ද්විතීක විෂය මාලාවක් ඇති හෙයින් 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා හෝ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන කනිෂ්ට පාසල් වල පුස්තකාලය පවත්වාගෙන යනු ලබන්නේ කියවීම් ශාලාවක් ලෙස ය. එහෙත් කනිෂ්ට පාසල් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල්වල පුස්තකාලය පවත්වාගෙන් යනු ලබන්නේ එම පාසලේ ම පවතින ගොඩ ගොඩනැගිල්ලක කොටසක් වෙන් කර කරගනිමිනි.
1 -ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ( 1C ) - මහා විද්‍යාලවල උගන්වන විෂය මාලාව ප්‍රාථමික හා ද්විතීක විෂය මාලාවක් වන හෙයින් එම පාසල්වල පුස්තකාලය ඇත්තේ අධ්‍යාපන මාත්‍යාංශය විසින් සම්මත කර ඇති අඩි 40×20 ක් පමණි දිග පළලකින් යුත් වෙනම ම පවතින ගොඩනැගිල්ලකි. මෙම පුස්තකාලවල ඇති ඉගනුම් මාධ්‍යයන් ප්‍රාථමික විෂය විෂයමාලාවට මෙන්ම ද්විතීක විෂය මාලාවට සුදුසු වන අයුරින් සකස් කර සංරක්ෂණය කර ගනිමින් පවත්වාගෙන යනු ලබයි.(මෙම පාසල්වල උසස් පෙළ විද්‍යා අංශයක් ඇත්නම් එම පාසල් ද්විතීයික පාසල් ඝණයට යටත් වෙයි.)
මෙම පුස්තකාලවල බොහෝවිට දැක ගැනීමට හැකිවන්නේ ළමා අංශයක්, කියවීම් අංශය හා බැහැර දෙන අංශය දැක ගැනීමට හැකි වේ.
6- ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා (1 AB) - ද්විතීක පාසල්වල ප්‍රාථමික අංශය දක්නට නොමැත. මෙම පාසල්වල ඇත්තේ ද්විතීයික අංශය පමණි. ද්විතීයික පාසලේ ඇති විෂයමාලාව ද ද්විතීයික විෂය මාලාවකි.මේ හේතුවෙන් පුස්තකාලයේ පවතින ඉගෙනුම් සම්පත් ද ද්විතීක විෂය මාලාවට ගැලපෙන අයුරින් පවත්වාගෙන යනු ලබයි.මෙම පාසල්වල පුස්තකාලය වෙනම ම ගොඩනැගිල්ලක් සේ පවතී . එහි පුවත්පත් අංශයක්, කියවීම් අංශය, බැහැර දෙන අංශය, විමර්ශන අංශය දක්නට ලැබේ. මෙම පාසල් පුස්තකාලවල audio visual room library and computer room අංශ තුනම එක්ට දක්නට ඇත.
මෙම පුස්තකාලවල පුස්තකාලාධිපති වරයෙක් හා පුස්තකාල සේවක, පුස්තකාල සහයක බොහෝවිට පුස්තකාල කම්කරු වශයෙන් විවිධ තතනතුරු දරනා සේවක මණ්ඩලයක් මෙම ද්විතීක පාසල් පුස්තකාලවල දැකගත හැක.
ශ්‍රී ලංකාව තුළ පාසල් වර්ගීකරණය ව්‍යාකූල බවක් තිබුනද එ් සෑම වර්ගීකරණයට අයත් සෑම පාසලක් තුළම නිශ්චිතවශයෙන්ම පුස්තකාලයක් ද තිබිය යුතුය. එනම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සෘජු දායකත්වයක් සපයන ස්ථානයක් බවට පුස්තකාලය පත්විය යුතුය .ශ්‍රී ලංකාවේ පාසල් පුස්තකාලවල පුස්තකාල ක්‍රියාවලිය අර්බුදකාරී ,ව්‍යාකූල බවක් තිබුණද අවම වශයෙන් සෑම පාසලකම පුස්තකාලය තුළ පොතක් බැහැර දීම හා හැර දුන් පොත් නැවත ලබාගැනීමේ ප්‍රාථමික ක්‍රියාවලිය හෝ අනිවාර්යයෙන් තිබිය යුතුය.
නිර්වචනය :
පුස්තකාලයක් ලෙස හැඳින්විය හැක්කේ විධිමත් විෂය මාලාවත් සැඟවුන විෂය මාලාවත් සම්පූර්ණ කරන්නාවූ තොරතුරු සම්පත් මධ්‍යස්ථානයකට ය. 1997 තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යෝජනා අනුව කොන්සල් පුස්තකාලය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් බවට ප්‍රවර්ධනය විය.එනම් පන්තිකාමර විෂය මාලාවට හා එදිනෙදා උගන්වන විෂය නිර්දේශයට ගැලපෙන අයුරින් සමෝධානික ව තොරතුරු සපයා ගත යුතුය. එ් අනුව ගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහාය පාසල් පුස්තකාලයෙන් ලැබිය යුතුය.
ස්තුතියි . මෙවැනි මාතෘකා ගැන එතරම් කතා නොවන නමුත් අත්‍යවශ්‍ය මාතෘකාවකි. කරුණු සියල්ල හොදයි .
ReplyDeleteGreat thx alot
ReplyDeleteසත්‍ය වශයෙන්ම වටිනා කර්තව්යයකකි
ReplyDeleteබොහෝ වැදගත් කරුණු රාශියක් ඇති ලිපියක් .. පුස්තකාලය කෙසේ විය යුයුතුද යන්න පිළිබඳව අපේ ගුරුවරුන්ට හොද මගපෙන්වීමක් මෙහි අඩංගුයි.. ස්තුතියි ..
ReplyDelete