පාසල් පුස්තකාල සේවා
සේවාවන් :
බැහැර දීම
පුස්තකාල කමිටුව විසින් සම්පාදනය කරගන්නා ලද නීතිය හා සම්මත වලට යටත්ව ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණුින් පුස්තකාලයට පැමිණි පාඨකයාට නිදහසේ තම රුචිකත්වය පරිදි දැනුම් තොරතුරු ලබාදෙන මාධ්‍යයක් හෝ සාහිත්‍ය රසාස්වාදය ලබාදෙන තොරතුරු මාධ්‍ය ලබා ගෙන, එය නිවසට ගොස් නිදහසේ අධ්‍යයනය කිරීම්ට අවස්ථාව ලබා දෙයි.
විමර්ශන
පාඨකයාට පහසුවෙන් ලබාගත නොහැකි දැනුම් තොරතුරු එනම් ඉතා වටිනාකමකින් යුත් දැනුම් තොරතුරු අන්තර්ගත පොත්පත් දුර්ලභ වීමත් එම දුර්ලභ හා සීමිත සම්පත් මගින් බොහෝ පාඨක අවශ්‍යතා සපුරාලීමේ අරමුණෙන් බැහැර දීම මෙම අංශය මගින් සිදු නොවේ. මෙම අංශයට පාඨකයා පැමිණ තොරතුරු විමර්ශනයක යෙදී දැනුම් ලබා ගැනීමට පමණක් අවස්ථාව විමර්ශන අංශය මගින් ලබාදේ. පාඨකයාට කඩිනමින් තොරතුරක් ලබාගැනීමට අවස්ථා සැපයීම මෙම විමර්ශන අංශයෙන් ලබා දෙන සේවාවක් වේ.
පුවත්පත්
පුස්තකාලයට ප්‍රවේශ වන පාඨකයාට පළමුව පුස්තකාලයේ මුණගැසෙන අංශයක් වන්නේ පුවත්පත් අංශය යි. පුවත්පත් අංශයේ දිනපතා පළවන පුවත්පත්, සතිපතා පලවන පුවත්පත්, සඟරා හා අන්තර්ජාල තුළින් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය තොරතුරු වලට මඟ පෙන්වීමක් සංවිධානය වී තිබෙන ස්ථානයක් මෙම පුවත්පත් අංශයේ දක්නට ඇත. එය පුස්තකාලය විසින් ලබාදෙන සුවිශේෂී සේවාවක් ලෙස පෙන්වා දිය හැක.
ළමා අංශය
ළමා අංශය සහ ළමයාගේ කියවීම් සවිබල ගැන්වීම සඳහා ළමා අංශයෙන් ලබා දෙන්්නේ මහඟු සේවාවකි. එනම් ළමයාගේ කියවීම වර්ධනය කිරීම, සඳහාත් භාෂා කුසලතාවය වර්ධනයය කිරීම සඳහාත් පුස්තකාල පාඨක ප්‍රජාව ගෙන් පරිත්‍යාග ලෙසත්, උපන්දින තිළිණ ලෙසත් දැනුම් තොරතුරු මාධ්‍යයන් ලබා ගනිමින් එකී සේවාවන් සිදු කරනු ලබයි.
එමෙන්ම පොත් පෙට්ටි ක්‍රම හා පොත් ම`එ ක්‍රම මගින්ද පන්ති කාමරවල කුඩා ළමා library ආරම්භ කිරීම වැනි වැඩසටහන් සංවිධානය කරමින් සේවාවන් සැපයීම සිදුකරයි. මීට අමතරව කියවීම් කනඳවුරු වැනි බොහෝ සේවාවන් ළමා අංශය මගින් සිදු කරයි.
පාසල් පුස්තකාල ධූරාවලියේ දෙස සලකා බැලීමේදී පාසල් පුස්තකාලය ප්‍රධාන වශයෙන් පාලනයය වන්නේ ඉසුරුපාය පිහිටා ඇති අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. මෙහි පුස්තකාල එ්කකයක් වෙනමම ඇත. එහි අධ්‍යක්ෂක වරයෙක් සිටියි. එමෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක වරුන් දෙදෙනෙක් සිටී. ඉන්පසු පාලනය ගලා යන්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටයි. බොහෝවිට නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරුන් දෙදෙනෙක් මෙන්ම එහි පුස්තකාල සම්බන්ධීකරණ සම්බන්ධීකාරක වරයෙක් සිටී. ඉන්පසු පාලනය සිදුවන්නේ කලාප කාර්යාල හරහා ය. මෙම කලාප කාර්යාල වලද පුස්තකාල සම්බන්ධිකාරකවරයා මඟින් පාසල් පුස්තකාල පාලනය වීමක් සිදුවේ.
එමෙන්ම පාාසල් පුස්තකාල ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වන තවත් ආයතනයක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික පුස්තකාලය, පළාත් පුස්තකාලය, පළාත් පුස්තකාල සේවා මණ්ඩලය පෙන්වා දිය හැක.
Comments
Post a Comment