පළාත් පුස්තකාල හැඳින්වීම
එ් එ් පළාත්වලට පලාත් පුස්තකාලයක් පිහිටුවා ගැනීමේදී, එම පළාතට යෝග්‍ය වූ ප්රඥප්තියක් සකසා, එය පළාත්් සභාව මගින් සම්මත කර කරගැනීමෙන් අනතුරුව පලාත් පුස්තකාලයක් පිහිටුවා, එහි කාර්යයන් ආරම්භ කරනු ලබයි.
මේ ආකාරයෙන් පුස්තකාල සේවා මණ්ඩලය පිහිටුවීම් සිදු කරයි. එසේ පිහිටුවන ලද පුස්තකාල, මණ්ඩලයක් ලෙස, බදුල්ල පුස්තකාල සේවා මණ්ඩලය හඳුන්වා දිය හැක.
ඌව පළාත් තුල පුස්තකාල සේවාව විධිමත් ව පත්වාගෙන යාම සඳහා එමගින් පාඨක අවශ්‍යතා සපුරාලීම සඳහා ත් ඌව පළාතේ පුස්තකාල වල සියලූම සංවර්ධන හා අධ්‍යාපනික කාර්යයන් සඳහා අවශ්‍ය සියලූම දැනුම, අවබෝධය දත්ත හා තොරතුරු යාවත්කාලීන හා විධිමත් ලෙස සලසාදීම සඳහා ඊට අදාළව අවශ්‍යතාවයන් හා සේවාවන් උපකරණ, ගොඩ ගොඩනැගිලි හා පොත්පත් සැපයුම් කටයුතු හා කාර්ය පවත්වාගෙන යාමට අදාළ කටයුතු විධිමත්ව හා එ්කීය භාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහාත් පුස්තකාල සේවාවන්ට අදාළ සේවාවන්හි නියුක්ත වන්නාවූ සේවක කාණ්ඩය බඳවා ගැනීම, සේවා වගකීම් හා විනය පරිපාලනයට අදාළ කරුණු පිළිබඳව අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහාත් සේවක මණ්ඩල වල අවශ්‍ය වෘත්තිය දැනුම හා පුහුණු අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහත සියලූ ම කාර්යයන්ට අනුරූපව යෝගය ආයතනික ව්‍යුහය ගොඩ නැගීම් සඳහා වූ ප්‍රඥප්තියකි.
මේ ආකාරයෙන් පිහිටුවන ලද පුස්තකාල සේවා මණ්ඩලයක විශේෂ කරුණක් වන්නේ එහි සභාපති වරයෙක් සිටීමයි. ඊට අමතරව අධ්යක්ෂ වරයෙක්ද සිටී.එමෙන්ම එහි කාය–යන් විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා කාර්ය මණ්ඩලයක්ද සේවයේ නියුක්තව සේවයේ සිටි. ඌව පළාතේ මෙම පුස්තකාල සේවා මණ්ඩලයට අයත්ව පවතින මොණරාගල දිස්ත්‍රික්කයේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ පුස්තකාල සේවාවන්, ප්රජාවන්ගේ අවශ්‍යතාවයන් අනුව ප්‍රජා අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණෙන්න් පුස්තකාල සේවාවන් හා පුස්තකාලයක් පවත්වා ගෙන් යනු ලබයි.
ප්‍රජා අවශ්‍යතාවයන් පුරා ලීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආයතන ස්ථාපිත කර ඇත්තේ හතරක් පමණි. එනම්
- සබරගමු පළාතෙ
- උතුරු මැද පළාත්
- මධ්‍යම පළාත්
- ඌව පළාතේ ය.
මෙලෙස ලංකාව තුල පුස්තකාල සේවා මණ්ඩල සතරක් ස්ථාපිත කර ඇති නමුත් උතුරු මැද පළාත් හැරුණුකොට සබරගමු පළාතේ සහ ධ්‍යම පළාතේ ඌව පළාතේ පමණක් පුස්තකාල සේවා මණ්ඩලය පවත්වාගෙන යා හැකි පරිදි ගොඩනැගිලි ස්ථාපනය කර ඇත.
Comments
Post a Comment